ඉන්දියාවෙන් ඩිජිටල් විශ්වවිද්‍යාලයක්

January 5, 2023

ඉන්දීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමුවරට ඩිජිටල් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එරට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සියලු පාර්ශ්ව සමඟ සමීප සහයෝගයෙන් මේ විශ්වවිද්‍යාලය පිහිටුවීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාව පුරා පිහිටි සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල එම ඩිජිටල් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ වන බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

t

o

p