වඳුරු උණ රටවල් 14ක ව්‍යාප්තවෙයි

May 24, 2022

අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වෙමින් තිබෙන වඳුරු උණ වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි උනන්දුවකින් යුතුව පසුවන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා වන විට ලොව පුරා මේ වසංගතයට ගොදුරු වූ රෝගීන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවත්, තවත් පුද්ගලයන් 28 දෙනකු ඊට ගොදුරු වී ඇතැයි සැක කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වඳුරු උණ ව්‍යාප්තිය සම්බන්ධව රටවල් 14 ක් මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඒ අතර සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

t

o

p