ඉන්දියාවෙන් රු. ලක්ෂ 887ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

May 17, 2022

මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට සහාය දෙමින් රුපියල් ලක්ෂ 887ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට එවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය මඟින් මේ අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පියවර ගෙන තිබෙන අතර මෙරටට එවීමට නියමිතව තිබෙන අදාළ ඖෂධ තොගය තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන ඇමැති එම්. සුබ්‍රමනියම් මහතාගේ නිරීක්ෂණයට ලක්වූ බව ද වාර්තා වෙයි.

මෙරටට එවීමට නියමිතව තිබෙන අදාළ ඖෂධ තොගය අතර ඖෂධ වර්ග 137ක් ශ්‍රී ලංකාවට එවීමට නියමිතය. කෙසේ වුවද මේ මුල් අදියර සඳහා ඖෂධ වර්ග 55ක් ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබෙන අතර ඒවා විශාල ප්‍රමාණයේ පෙට්ටි 700කට පමණ ඇසුරුම් කර තිබෙන බව ද වාර්තා වෙයි.

t

o

p