Foreign News

ගෝලීය ණය කන්දරාව මුල් කාර්තුවේ දී ඩොලර් ට්‍රිලියන 8.3 කින් ඉහළට

ලෝකයේ රටවල් වලට අයත් මහ බැංකු විසින් ආක්‍රමණශීලී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටින අවධියක වුවද ගෝලීය ණය කන්දරාව වසරේ මුල් කාර්තුවේ දී ඩොලර් ට්‍රිලියන 8.3 කින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) පෙන්වා දෙයි. ඒ අනුව ලෝකයේ රාජ්‍යන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 305 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර Read More

යුක්‍රේන ගුවන් නියමුවන්ට ප්‍රහාර ජෙට් යානා පැදවීමේ පුහුණුවක්

යුක්‍රේන ගුවන් නියමුවන්,අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න්ඩ් සිය අනුමැතිය ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ පැවති ජී හත සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන්,රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව,යුක්‍රේන ජනාධිපති Read More

දකුණු කොරියාවේ කොවිඩ් යළි ඉහළට

දකුණු කොරියාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ එරටින් කොව්ඩ් රෝගීන් 26,147ක් වාර්තා වී ඇති බවයි. ඊයේ දිනයේ එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11කි. පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම මෙලෙස රෝගීන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහල යෑමට හේතු වී ඇති බව ද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සූකර උණ ශීඝ්‍රයෙන් පැතිරෙයි

ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සංවිධානය පවසයි. අප්‍රිකා සූකර උණ රෝගයෙන් මේ වනවිට සූකරයින් 35,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් වාර්තාවල සඳහන්.

අන්‍යන්‍යතාව තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කෙරේ

අන්‍යන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වෙයි. ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු කිරීමෙන් පසු ගිණුම් පවත්වාගත යුතුයි. අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩ පැවැත්වීම මෙහි මූලික අරමුණ බවද වියට්නාම රජය සඳහන් කරයි.

වර්ෂාව නිසා නවසීලන්තයේ අගනුවරට හදිසි තත්ත්ව‍යක්

අයහපත් කාලගුණය හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, ජල ගැලීම් සමඟ සිරවී සිටි ජනතාව මුදවා ගැනීම සඳහා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබෙන බවයි. ඕක්ලන්ඩ්හි සිකුරාදා (05) ඇද හැලුණු වර්ෂාව නිසා ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවලට විදුලියද විසන්ධි වී තිබේ.

රජකම වෙනුවෙන් චාල්ස් කුමරු තවත් හෝරා කිහිපයකින් කිරුළ පලදී

බ්‍රිතාන්‍යයේ රජකම වෙනුවෙන් වසර 65ක් බලා සිටි චාල්ස් කුමරු හට තුන්වන චාල්ස් රජු ලෙස ඔටුණු පැලදවීම අද සිදු කෙරෙයි. ඒ, වෙස්මින්ස්ටර් ඇබේ දේවාස්ථානයේදීයි. රාජාභිෂේක උත්සවය ආරම්භ වන්නේ දහවල් 11.00ටය. මෙය ඓතිහාසික චාරිත්‍රයක් ඉටුකිරීමකි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයෙන් පසු වසර 70 කට පසු පැවැත්වෙන 02 වැනි මෞලි මංගල්‍යය මෙයයි. යුරෝ මිලියන 280 ක් වැයවේ. Read More

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනය ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේනයේ ඩ්නිප්‍රෝ නගරය වෙත රුසියාව එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි. ප්‍රහාර සමග නගරය පුරා ගිනි ගැනීම් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ. ඒ හේතුවෙන් එම නගරයේ පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. ඒ අතර මහල් නිවාස 19 ක්, පෞද්ගලික Read More

බයිඩ්න් යළි ජනපති සටනට එන බව කියයි

තමන් ලබන මීළඟ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වන බව අමෙරිකාව ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළා. ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ජනතාවට ලබා දි අති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව තව දුරටත් රැක ගැනීම සඳහා තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ. මේ වනවිට 80වන වියේ පසුවන ජෝ බයිඩ්න් දැනටමත් එරට Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි. විදෙස් වාර්තා සඳහන් කළේ අද අළුයම සිදුවූ මෙම භූචලනය හේතුවෙන් සුමාත්‍රා දිවයින් වෙත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ අතර පැය දෙකකට පසුව Read More

t

o

p