බයිඩ්න් යළි ජනපති සටනට එන බව කියයි

April 26, 2023

තමන් ලබන මීළඟ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වන බව අමෙරිකාව ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළා. ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ජනතාවට ලබා දි අති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව තව දුරටත් රැක ගැනීම සඳහා තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ.

මේ වනවිට 80වන වියේ පසුවන ජෝ බයිඩ්න් දැනටමත් එරට වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්ව සිටින අතර 2024 වසරේදී පැවැත්වෙන මීළඟ අමෙරිකානු ජනාධිපතිවරණෙයෙන් ඔහු ජයගත හොත් දෙවන ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 86ක් වනු ඇති.

t

o

p