ගෝලීය ණය කන්දරාව මුල් කාර්තුවේ දී ඩොලර් ට්‍රිලියන 8.3 කින් ඉහළට

May 22, 2023

ලෝකයේ රටවල් වලට අයත් මහ බැංකු විසින් ආක්‍රමණශීලී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටින අවධියක වුවද ගෝලීය ණය කන්දරාව වසරේ මුල් කාර්තුවේ දී ඩොලර් ට්‍රිලියන 8.3 කින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) පෙන්වා දෙයි. ඒ අනුව ලෝකයේ රාජ්‍යන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 305 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) වැඩිදුරටත් අනාවරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ “ජගත් ණය නිරීක්ෂණ ( Global Debt Monitor ) “වාර්තාවට අනුව, පසුගිය වසරේ පළමු කාර්තුවේ සිට වාර්තා වූ ඉහළම ණය ප්‍රමානය මෙන්ම මෙතෙක් වාර්තා වූ දෙවන ඉහළම කාර්තුමය ණය ප්‍රමාණය මෙය වේ.

එවැනි ඉහල ණය මට්ටම් සමඟ බැඳී පවතින ඉහල යන පොලී අනුපාත එම ණය වලට සේවා සැපයීමේ පිරිවැය ඉහල දමා ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පවසයි.

t

o

p