දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියි.