ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු සහ කොවිඩ් මරණ 3ක් ද වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම සංඛ්‍යාව සමග මෙරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.