බ්‍රිතාන්‍යයේ රජකම වෙනුවෙන් වසර 65ක් බලා සිටි චාල්ස් කුමරු හට තුන්වන චාල්ස් රජු ලෙස ඔටුණු පැලදවීම අද සිදු කෙරෙයි.
ඒ, වෙස්මින්ස්ටර් ඇබේ දේවාස්ථානයේදීයි.
රාජාභිෂේක උත්සවය ආරම්භ වන්නේ දහවල් 11.00ටය. මෙය ඓතිහාසික චාරිත්‍රයක් ඉටුකිරීමකි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයෙන් පසු වසර 70 කට පසු පැවැත්වෙන 02 වැනි මෞලි මංගල්‍යය මෙයයි. යුරෝ මිලියන 280 ක් වැයවේ.
එසේම 29,000ක ආරක්ෂක බළකායක් ආරක්ෂාව සඳහා යොදවා තිබේ. බ්‍රිතාන්‍ය රාජකීයයන් වූ ඇන්ඩ්රු, එඩ්වඩ්, ඈන් කුමරිය, විලියම් කුමරා ඇතුළු පවුලේ අය සහභාගි වන මෙම උත්සවයට මේගන් කුමරියගේ දරුවන් සම්බන්ධ නොවේ.
මෙම රාජකීය උත්සවය ලොව පුරා විකාශනය කෙරේ. එසේම බ්‍රිතාන්‍යයේ ස්ථාන 57 ක සවිකර ඇති යෝධ පුළුල් තිර, රූපවාහිනී උපාංග මගින් අතිවිශාල පිරිසකට එය නැරඹිය හැකිය.