ඉරානයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

May 6, 2023

ඉරාන ජනරජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රදානය කර තිබේ.

ඉරාන තානාපති හෂිම් අෂිද් විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම අමාත්‍යාංශයේදී භාරදීම සිදුවිය.

මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිමිව තිබෙන අතර අතර පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියි.

t

o

p