වෙසක් පොහොය නිමිත්තෙන් ඉදිකර ඇති වෙසක් කළාප නැරඹීමට යාමේදී ජනතාව වඩාත් සැළිකිල්ලෙන් පසුවිය යුතු බව පොලීසිය පවසයි.
ඒ, විවිධ වංචාකරුවන්, ගැටකපන්නන්ගේ ගොදුරු බවට ලක්විය හැකි බැවින්.
එමෙන්ම වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාවට හිරිහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සේවයේ යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.