සිරකරුවන් 988 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ අද දිනයේ නිදහස ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, වෙසක් උත්සවය නිමිති කරගෙනයි.
නිදහස ලබන එම සිරකරුවන් අතර කාන්තා සිරකරුවන් 06 දෙනෙකු ද ඇතුළත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.