වෙසක් බලන්න යන්න අද සිට විශේෂ බස් සේවාවක්

May 5, 2023

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි සභාපති ලලිත් ද සිල්වා පැවසුවේ වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 06.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ද පෙරවරු 7.30ට බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ද දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.

නැවත 07වැනිදා පෙරවරු 7.00 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ද එදින දහවල් 12.30 ට අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ද එම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

මේ අතර වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පැවසීය.

t

o

p