අයහපත් කාලගුණය හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, ජල ගැලීම් සමඟ සිරවී සිටි ජනතාව මුදවා ගැනීම සඳහා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබෙන බවයි.
ඕක්ලන්ඩ්හි සිකුරාදා (05) ඇද හැලුණු වර්ෂාව නිසා ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවලට විදුලියද විසන්ධි වී තිබේ.