යුක්‍රේන ගුවන් නියමුවන්ට ප්‍රහාර ජෙට් යානා පැදවීමේ පුහුණුවක්

May 20, 2023

යුක්‍රේන ගුවන් නියමුවන්,අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න්ඩ් සිය අනුමැතිය ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ පැවති ජී හත සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.

මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන්,රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව,යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය.

ඉදිරි සති කිහිපය තුළදී අමෙරිකාව, යුක්‍රේන ගුවන් නියමුවන් සඳහා මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතයි.

t

o

p