ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

April 25, 2023

අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි.

විදෙස් වාර්තා සඳහන් කළේ අද අළුයම සිදුවූ මෙම භූචලනය හේතුවෙන් සුමාත්‍රා දිවයින් වෙත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ අතර පැය දෙකකට පසුව එය ඉවත් කළ බවයි.

අදාළ කාලය තුළ වෙරළාසන්නයේ සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

t

o

p