යුක්රේනය ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්රේනයේ ඩ්නිප්රෝ නගරය වෙත රුසියාව එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි. ප්‍රහාර සමග නගරය පුරා ගිනි ගැනීම් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.
ඒ හේතුවෙන් එම නගරයේ පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. ඒ අතර මහල් නිවාස 19 ක්, පෞද්ගලික නිවාස 25 ක්, පාසල් සහ ළදරු පාසල් හයක් සහ වෙළඳසැල් පහක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.