පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 39ක් මරුට
වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇත. තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට අධික වන බව විදෙස් මාධය පෙන්වා දෙයි. ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත. ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි,වාර්තා වේ.