Special News

මැතිඇමතිවරුන්ගේ පඩි වැඩි කරන්න එපා

රජය කළ යුත්තේ මැතිඇමතිවරුන්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම නොව අල්ලසට දුෂණයට එරෙහිව කටයුතු කරන නිලධාරින්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්විමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණිමේ දිමනාව වැඩි කිරිම, රුපියල් ලක්ෂයක කාර්යාල දිමනාවක් දීම, සුඛෝපභෝගි වාහන මිලදි ගැනිම රජය Read More

ප්‍රමඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය සාර්ථකයි ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කරනවා

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යනයක් සිදු කරන ලදි. එහි දෙවන දිනයේ ප‍්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ අතර ඇතැම් මාධ්‍ය මෙය අසාර්ථක යැයි ද හුවා දැක්විණ. කෙසේ වෙතත් 14 වන දා සිට 19 වන දා දක්වා මෙම Read More

විමල් සිරමැදිරියේ සිට උපවාසයක් අරඹයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (22) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ. ඇප ලබා දිමකින් තොරව දින 73ක් තමන්ව බන්ධනාගාරගත කර තැබිමට විරෝධය දැක්විමක් වශයෙන් ඒ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව Read More

හොඳම මුදල් ඇමති වූ රවීට සම්මාන ප්‍රදානය 24දා බ්‍රිතාන්‍යයේදී

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර් ‘ සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම Read More

මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කිරීමෙන් ජනතාට සේවය කරන්න බෑ

මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනිමෙන් ඔවුන්ට ජනතාව පවරා ඇති රාජකාරිය කිරිමට නොහැකි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය. මම නම කියන්නේ නැහැ නමුත් මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම ඇප නොදි රිමාන්ඩ් භාරයේ රදවා ගෙන සිටිනවා. ඇප දෙන්න නොහැකි මිනිමැරුමක් වැනි වරදක් කළ අයෙකු නොවෙයි මෙලෙස රිමානඩ් භාරයේ රඳවා Read More

හයිබ්‍රිඩ් අධිකරණත් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් රටේ සිදුවෙන්නෙත් නෑ

යුද අපරාධ පිළිබඳ සොයා බැලිමට කිසිසේත්ම හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් රට තුළ නොකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් පමණක් ස්ථාපිත කරනා බවද අගමැතිවරයා කීවේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රජය එකඟ නොවන බවත් දකුණු ආසියානු කළාපයේ රටවල ප්‍රතිපත්තියවන්නේද එය බවත් Read More

යුද්ධයෙන් පසු ගත් රු.බි.3230ක ණය පාර්ලිමේන්තුවට වාර්තා කර නෑ : ණය ගත් හේතුවකුත් නෑ

වත්මන් ආණ්ඩුව හොර රහසේ ණය නොගැනීමට මෙන්ම රජය ගන්නා සියළුම ණය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය. ගිය රජය හොර රහසේ ණය ගත්තාසේම එම ණය ලේඛනගත නොකළ බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගු Read More

ජනපතිට හා අගමැතිට සිතාසි

කූට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (20) දින මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විභාගයට ගැනුනි. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලබන ජුලි මස 17 වෙනි දින අධිකරණයේ පෙනී සිටින Read More

කෝප් කමිටුව සයිටම් විමර්ශනයේදී දෙකට බෙදේ

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්  කමිටුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කරනා විමර්ශනයේදි දෙපාර්ශවයකට බෙදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂය මෙයට පක්ෂව අදහස් දක්වා තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඩ පිළිවෙතක් Read More

සිංගප්පුරු නියෝජ්‍ය අගමැති දෙනියායේ සංචාරයක

දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ ෂන්මුගම් මහතා පසුගිය  (18) දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සමග දෙනියාය ප්‍රදේශයේ සංචාරයක නිරතවිය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියේය.  එහිදී දෙනියාය ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමන් Read More

t

o

p