වත්මන් ආණ්ඩුව හොර රහසේ ණය නොගැනීමට මෙන්ම රජය ගන්නා සියළුම ණය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය.
ගිය රජය හොර රහසේ ණය ගත්තාසේම එම ණය ලේඛනගත නොකළ බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ කීය.
ශ්‍රී ලංකාව ගත් දේශිය හා විදේශිය ණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද පැවසීය.
2015 දෙසැම්බර් මස 31 දින වන විට රජයේ මුළු ණය බව රුපියල් බිලියන අට දහස් පන්සිය තුනයි දශම දෙකක් වේ. ඉන් දේශිය ණය බර රුපියල් බිලියන තුන්දහස් පන්සිය හතලිස් හතරක් වන අතර විදේශිය ණය බර රුපියල් බිලියන තුන්දහස් පන්සිය හතලිස් හතරකි. එය දළ දේශිය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 77.6 කි.
2015 වසරේ ණය පොලි සඳහා රජය විසින් රුපියල් බිලියන එක්දහස් තුන්දිය දහ අටක් වැය කර ඇති අතර එය සමස්ත අදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට 91 ක්වේ. 2004 වර්ෂයේ මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 102.3 ක්ව පැවතුනි.
ඊට අමතරව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, නැව් සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය විසින් හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව හා ඩි.එෆ්.සි.සි බැංකුව යන බැංකු මගින් සෘජුව ගත් ණය ප්‍රමාණය, මුළු රාජ්‍ය ණය ප්‍රතිශතය තුළ අන්තර් ගත වී නැත.
2005 වර්ෂයේදි සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 222 ක් වුවද යුද්ධය අවසන් වන විට එනම් 2009 වසර අවසන් වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4161 ක් වූ අතර වැඩි වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1939 කි.
2014 වසර අවසන් වන විට සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 ක් විය. 2009 සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3230 කින් වැඩි වී තිබේ. 2005 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5169 කින් වැඩි වී ඇත.
යුද්ධය කාලය තුළ පවා වැඩි නොවු රාජ්‍ය ණය ප්‍රමාණය යුද්ධයෙන් පසුව රුපියල් බිලියන 3230 කින් ඉහළ යාම කිසිවෙකු දැන නොසිටි අතර එම ණය ගැනිම් පිළිබඳව හෝ ණය ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න කිසිවෙකු දැන සිටියේ නැත.
2015 වසර අගදී ගෙවීමට තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503 ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබුණා. එය දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 77.6 ක්. 2016 වසරේ දී ඇස්තමේන්තුගත ණය ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1211 ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුනි. මේ මුදලින් රුපියල් බිලියන 649 ක් ආපසු ගෙවිම් ඇස්තමේන්තුගත ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 කි.
ජාතික ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නොතිබු අතර මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 960 ක්. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්, ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 212 ක් ලෙස මෙම ණය අන්තර්ගත වෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 13 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහා මාර්ග අමාත්‍යාංශයේ ණය ලෙස දැක්වෙනවා.
මෙම දැවැන්ත ණය අර්බුදය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරනු ලැබුවේ මෙම තොරතුරු කිසිවක් නොසඟවා මහජනතාව දැනුවත් කිරිමට රජය ගත් තීරණයක් අනුවයි. 2005 වසරේ සිට 2014 වසර දක්වා වැඩි වූ රාජ්‍ය ණය ප්‍රමාණය හා සසදන විට ඉහත ප්‍රචාරක වියදම, වැඩිවූ ණය ප්‍රමාණයෙන් (0.0005%) සියයට බින්දුවයි දශම බින්දුවයි බින්දුවයි බින්දුවයි පහක ප්‍රතිශතයක්.
රාජ්‍ය මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව වෙත පැවරි තිබුණත් පසුගිය රජය විසින් ලබාගත් ණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරලා නැහැ. ඔවුන් විසින් පාර්ලිමේන්තුවේ මුල්‍ය බලය හෑල්ලූ කොට තිබෙනවා. අප ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කළේ ජනතාව දැනුවත් කිරිමටයි. වත්මන් රජය විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව හා රාජ්‍ය මුල්‍ය පිළිබඳ කමිටුව පිහිටුවා ස්වාධිනව හා ශක්තිමත් අයුරින් වැඩ කටයුතු කිරිමේ වාතාවරණයක් සකසා තිබෙනවා. ඊට අමතරව ඉදිරියේදි අය වැය කාර්යාලයක් පිහිටුවා පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලන බලතල වඩාත් අර්ථවත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 11000 ක් 2017 සිට 2026 දක්වා කාලය තුළ ණය වාරික හා පොළිය වශයෙන් ගෙවිය යුතු වෙනවා. නව ආයෝජන, අපනයන වෙළෙදාව වැඩි කිරිම, ජි.එස්.පි ප්ලස් සහනය හා සංචාරක පැමිණිම මත මේ ණය ගෙවිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා.