ජනපතිට හා අගමැතිට සිතාසි

March 20, 2017

කූට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (20) දින මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විභාගයට ගැනුනි.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලබන ජුලි මස 17 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නැවත සිතාසි නිකුත් කළේය.

මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ අදාළ නඩුවේ පැමිණිලිකරුවන් වන ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජකාරි හේතු‍න් මත අද දිනයේ පැමිණිය නොහැකි බව අගමැති හා ජනාධිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුනි. ඒ අනුව වෙනත් දිනයක් ලබා දෙන ලෙස කල ඉල්ලීමට අනුව ලබන ජුලි 17 දා අධිකරණයේ පෙනි සිටින ලෙසත් එදින සිට දිගමට සාක්ෂි විභාගයට ගැනිමටත් මහතා මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

t

o

p