උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

May 19, 2024

අධික වර්ෂාව හේතුවෙන් මහවැලි සී කලාපයේ,උල්හිටිය – රත්කිද මහවැලි ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
මහවැලි සී කලාපය සහ මහවැලි බී කලාපය සදහා ගොවිතැන් කටයුතු සදහා වාරි ජලය සපයන උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගොස් ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන්, ඉහළ ජල පෝෂක ප්‍රදේශයෙන්ට එක්රැස් වන ජලය උල්හිටිය රත්කිද ජලාශයට එක්රැස් වීම හේතුවෙන් එහි රදවාගත හැකි ජල ප්‍රමාණයට වඩා ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යාම නිසා එහි වාන් දොරටු හතෙන් තුනක් අද 19 වන දින අලුයම විවෘත කිරිමට සිදුවු බව ජලාශයේ භාර තාක්ෂණ නිළධාරි දීප්ත චන්දන ජයසේකර මහතා පවසයි.

ජලාශයේ වාන් දොරටු හතෙන් තුනක් අගල් හතර බැගින් විවර කර ඇති අතර ජලය පිටකිරීමේ වේගය තත්පරයට ගණ මීටර් 11ක් වේ.

වාන් ජලය උල්හිටිය ඔයට මුදාහැරීම සිදුකරන අතර උල්හිටිය ඔය දෙපස පදිංචි කරුවන් විමසිල්ලෙන් සිටින ලෙස ජලාශයේ තාක්ෂණික නිලධාරී වරයා වැඩි දුරටත් පවසයි.

t

o

p