ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවීමට නියමිතයි.
මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.