ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කරයි.
ඒ අනුව හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.