විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ගුනසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කල්ලඩි කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වාලච්චේන පොලිස් වසමේ අංක තියවට්ටවාන්, නාවල්ලඩි ප්‍රදේශයේ පිහිටි හෆීල් හෝටලයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද GOLDLEAF වර්ගයේ සිගරට් 803 සන්තකයේ තබාගෙන සිටි තියවට්ටවාන්, නාවල්ලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.