ප්‍රමඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය සාර්ථකයි ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කරනවා

March 22, 2017

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යනයක් සිදු කරන ලදි. එහි දෙවන දිනයේ ප‍්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ අතර ඇතැම් මාධ්‍ය මෙය අසාර්ථක යැයි ද හුවා දැක්විණ. කෙසේ වෙතත් 14 වන දා සිට 19 වන දා දක්වා මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය එම මාර්ගය භාවිත කරන සියළුම දෙනාට දැක ගත හැකි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (22) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ ය.

සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලය තුළ දී 17 වනදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය විය. එම කාලසීමාව තුළදී සිදුකළ අධ්‍යනයේ වාර්තාවලට අනුව මාර්තු මස 14 වන දා නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප‍්‍රවාහන පහසුකම් ලබාගෙන ඇත. එහෙත් 19,238 ක් වන කාර්, වෑන්, ත‍්‍රීවීල් සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28, 851 ක් පමණි. මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440 ක් සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා ඇත. අනෙක් ප‍්‍රවාහන කාණ්ඩයේ 21,927කින් මගී පහසුකම් සැලසී ඇත්තේ 32,891 කට පමණි. මේ අනුව පෙනී යන්නේ බස්රථ සඳහා මෙන්ම පාසල්, රැකියා කටයුතු සඳහා භාවිත කරන පොදු ප‍්‍රවාහන සේවය වෙනුවෙන් ප‍්‍රමුඛතා මංතීරු විධිමත්ව හඳුන්වා දෙන්නේ නම් ඉන් කාලය මෙන්ම මාර්ග තදබදයද සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවම කරගත හැකි බවයි.

මෙම සමීක්‍ෂණය ආශ‍්‍රයෙන් එක් එක් ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් කැමැත්ත සහ අකමැත්තද විමසා ඇත. ඒ අනුව වැඩි ප‍්‍රතිශතයක් බස්රථ මගීන්, පෞද්ගලික වාහන භාවිත කරන්නන්, ත‍්‍රී රෝද රථ හිමියන්, මේ සඳහා බහුතර කැමැත්ත ලබාදී ඇත. එය ප‍්‍රතිශතයක් වශයෙන් පිළිවෙලින්, 42%,37% හා 40% ක ප‍්‍රමාණයකි. අකමැත්ත පළවී ඇත්තේ බස්රථ මගීන්ගෙන් 20% ක් , පෞද්ගලික වාහන හිමිකරුවන්ගෙන් 7% ක් සහ ත‍්‍රී රෝද රථ හිමියන්ගෙන් 11% ක් පමණි. කෙසේ වෙතත් පොදු ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම විධිමත් මාර්ග පද්ධතියක් සහ ක‍්‍රමවේදය සැකසීම මෙන්ම වාහන භාවිත කරන්නන් විධිමත් දැනුවත් කිරීම මගින් ප‍්‍රවාහන විනය ඉහළ නැංවීම තුළින්, අධික වාහන තදබදයට මනා විසඳුමක් ලබාදිය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

රජයේ පොදු ප‍්‍රතිපත්තියක් ලෙස පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කරන්න අවශ්‍ය තොරතුරු රජයට අපි ලබාදිය යුතුව තිබෙන අතර අපේ විශ්වාසය පසුගිය දශකයක කාලය තුළ රජය විශාල ධනයක් වැය කලා මාර්ග ඇතුළු අධිවේගී මාර්ග සංවර්ධනයට. මෙය සංසන්ධනය කළහොත් සෞඛ්‍යයට ප‍්‍රාග්ධන වියදමින් 4% යි. අධ්‍යාපනය 6%, මාර්ග සංවර්ධනයට 45%ලෙසයි. මේසා විශාල වියදමක් සිදු කළත් මාර්ග තදබදය  ට මේවන තෙක් විසඳුම් ලැබී නොමැති බවත්, ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරගත යුතුබව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

t

o

p