විමල් සිරමැදිරියේ සිට උපවාසයක් අරඹයි

March 22, 2017

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (22) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ.

ඇප ලබා දිමකින් තොරව දින 73ක් තමන්ව බන්ධනාගාරගත කර තැබිමට විරෝධය දැක්විමක් වශයෙන් ඒ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ඒ මහතා ඇප ඉල්ලා මහෙස්ත්‍රාත් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

t

o

p