මැතිඇමතිවරුන්ගේ පඩි වැඩි කරන්න එපා

March 22, 2017

රජය කළ යුත්තේ මැතිඇමතිවරුන්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම නොව අල්ලසට දුෂණයට එරෙහිව කටයුතු කරන නිලධාරින්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්විමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණිමේ දිමනාව වැඩි කිරිම, රුපියල් ලක්ෂයක කාර්යාල දිමනාවක් දීම, සුඛෝපභෝගි වාහන මිලදි ගැනිම රජය නතර කළ යුතු බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා කළ යුත්තේ අල්ලසට දුෂණයට විරුද්ධව කටයුතු කරන නිලධාරින්ගේ දිමනා වැඩි කිරිම බවද කීවේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලිම් අත්තිකාරකම් ගිණුමේ සීමාවන් වැඩි කිරිමේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මැතිඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න එපා යන ප්‍රකාශයෙන් පසු මාගේ මිත්‍රයන් මා සමඟ තරහා වේවිෙ යැයිද ඒ මහතා කීවේය.
මන්ත්‍රීවරුන්ගේ දිමනා වැඩි කිරිම වෙනුවට නිලධාරින්ගේ වැටුප් හා දිමනා වැඩිකොට අල්ලසට දුෂණයට එරෙහිව ඔවුන් කරනා කාර්යයන් දිරිමත් කිරිමට රජයට තමන් යෝජනා කරන බවත් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දිමනා අඩු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
හොරු අල්ලන එක පළිගැනිමක් ලෙස අද හදුන්වන බව කී නියෝජ්‍ය ඇමතිවරයා මේ පළිගැනිම දිගටම කරනා ලෙසද තවදුරටත් කීවේය.

t

o

p