වැඩිම පෙත්සම් ගැහීමේ කප් එක බුද්ධිකට

March 22, 2017

පාර්ලිමේන්තු ඉතිහාසයේ මහජන පෙත්සම් කාරක සභාවට වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් එකම දිනකදී ඉදිරිපත් කළ මන්ත්‍රීනවරයා බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධිත පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (22) පත්විය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද මහජන පෙත්සම් 33 ක් ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මෙයත් සමඟ ගිනස් වාර්තා පොතට එක් වේවිද යන්නයි. එහිදි කතානායක කරු ජයසූරිය මහතා කීවේ එය වෙන්නත් පුළුවන් කියාය.
මීට පෙර පාර්ලිමේන්තුවට එක් දිනකදී වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණේ වාසුදේව නානයක්කාර මහතාය. ඒ මහජන පෙත්සම් 21 ක් ඉදිරිපත් කරමිනි. ඉන්පසුව ගාමිණි ලොකුගේ මහතාද එක් දිනකදී මහජන පෙත්සම් 18 ක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු රැස්විම් ආරම්භයේදි මන්ත්‍රීවරයා මෙම මහජන පෙත්සම් ඉදිරිපත් කළේය. මහජනතාවට සිදුවන අසාධාරණකම්, දුක්ගැනවිලි ඇතුළු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මන්ත්‍රීවරයෙකු මාර්ගයෙන් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ හැකිය. එම ප්‍රශ්න මහජන පෙත්සම් කාරක සභාව විසින් විභාග කොට ජනතාවට විසදුම් ලබා දෙයි.
මහජන පෙත්සම් කාරක සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ නියෝජ්‍ය ඇමති අර්ජුන සුජිව සේනසිංහ මහතාය.

t

o

p