අල්ලස් කෙමිසමේ දිල්රුක්ෂි ගෙදර ගියේ දේශපාලන හේතුවක් නිසා

March 22, 2017

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එම ධූරයෙන් යෑමට හේතු වූයේ ඇගේ රාජකාරියේ දුර්වලතාවයක් නොව දේශපාලන කාරණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කරන අවස්ථාව වන විට ඇය විසින් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට හා රාජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව පරික්ෂණ ආරම්භ කර තිබු බවද අනුර දිසානායක මහතා කීවේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලිම් අත්තිකාරකම් ගිණුමේ සීමාවන් වැඩි කිරිමේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින් විපක්ෂ සංවිධායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති ආර්යාවට අදාළ පැමිණිල්ලක්ද විභාග කොට නඩු පැවරිමට ඒ වන විට ආසන්නව තිබු බව කී මන්ත්‍රීවරයා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉවත්විමෙන් පසු අල්ලස් කොමිසමෙන් පැමිණිලි විභාග කොට එක් නඩුවක් පමණක් පවරා ඇති බවද කීවේය.
මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ තිබු පැමිණිලි 100 ක් ඉල්ලා අස්කර ගෙන ඇති බවද පැවසීය. යුද්ධය මුවාවෙන් කළ දුෂණ අක්‍රමිකතා ඝාතන ගැන සෙවිය යුතු බවද ඔහු පැවසීය.

t

o

p