නොරෙච්චෝලේට ගත් ණය මුදලින් වසර 2ක වාරික ගෙව්වා : තව වසර 13ක් ගෙවන්න තියෙනවා

March 22, 2017

නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරයේ ඉදිකිරිම් වෙනුවෙන් ලබා ගත් ණය වෙනුවෙන් 2015 වර්ෂයේදි ඇමරිකානු ඩොලර් මිලියන 112 ක්ද 2016 වර්ෂයේදි ඩොලර් මිලියන 118 ක මුදලක්ද ගෙවා ඇතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය.
චින එක්සිම් බැංකුවට තව වසර 13 ක කාලයක් මේ ණය ගෙවිමට තිබෙන බවද ඒ මහතා කීවේය. බලාගාරය ඉදිකිරිමට ගත් ණය වෙනුවෙන් වාරිකය ලෙස 2015 වර්ෂයේදි ඩොලර් මිලියන 87 ක්ද පොලිය ලෙස ඩොලර් මිලියන 25.8 ක්ද ගෙවා ඇත. 2016 වර්ෂයේදි ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 94.7 ක්ද, පොලිය ලෙස ඩොලර් මිලියන 23.6 ක්ද ගෙවු බව නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇසු වාචික පිළිතුරු අපේකෂිත ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරා මහතා මේ බව කීවේය.
නොරොච්චෝලේ බලාගාරයට ජනක යන්ත්‍ර 3 ක් අවස්ථා දෙකකදි ස්ථාපිත කළ බවත් මේ වෙනුවෙන් ඩොලර් මිලියන 1346 ක මුදලක් ශ්‍රී ලංකා රජය ගෙන ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. වසර 15 ක් තුළදි ගෙවිමට මෙම ණය චින එක්සිම් බැංකුවෙන් ලබා ගෙන තිබෙන බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා මේ වන විට වාරික දෙකක් ණය හා පොලිය ගෙවා ඇති බව ද පැවසීය.

t

o

p