මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කිරීමෙන් ජනතාට සේවය කරන්න බෑ

March 21, 2017

මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනිමෙන් ඔවුන්ට ජනතාව පවරා ඇති රාජකාරිය කිරිමට නොහැකි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය.
මම නම කියන්නේ නැහැ නමුත් මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම ඇප නොදි රිමාන්ඩ් භාරයේ රදවා ගෙන සිටිනවා. ඇප දෙන්න නොහැකි මිනිමැරුමක් වැනි වරදක් කළ අයෙකු නොවෙයි මෙලෙස රිමානඩ් භාරයේ රඳවා ගෙන සිටින්නේෙ යැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
රිති ප්‍රශ්නයක් මතු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීවේ ජනතාව මන්ත්‍රීවරු පත් කර එවන්නේ ජනතාවට සේවය කිරිමට බවත් මෙලෙස ඇප නොදි මන්ත්‍රීවරු තබා ගැනිමෙන් ජනතා සේවය කළ නොහැකි බවත්ය.
සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට ඇප දෙන තැනක් නොවෙයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇප දෙන්න බැහැ… මොනවද මේ කියන්නේ….
කතානායක කරු ජයසූරිය මහතා – මාත් එක්ක මේ කාරණය ගැන මන්ත්‍රීවරු සාකච්ඡා කලා. මම මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නම්….

t

o

p