Special News

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වී අතර ඒ අනුව එරට මුළු කොවිඞ් 19 අගය අද වන විට ලක්ෂ 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 28,732 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් දිනක් තුළ වාර්තා වූ මරණ ගණන 648 ක්.

ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වාර්තාගත ලෙස ආසාදන 484 ක් තහවුරු වී තිබෙනවා. වසංගතය ආරම්භ වූ දා සිට ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද මෙය වන බවයි එරට නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඞ් ප්‍රකාශ කර ඇත්තේ.

රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතුයි

මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.   වසර ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා සිදුව ඇති විනාශයෙන් අද වන විට ජනතාව විදවමින් සිටින බවද ආණ්ඩුකාරවරිය කීවාය. ගොවින්ගේ අස්වනු මිලදි ගැනිමේදී ඔවුන්ට එකවර විශාල මුදලක් ලබා දීම වෙනුවට ඔවුන්ගේ ජීවන Read More

ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙරටින් වාර්තා වී නැහැ

කිසිදු කොරෝනා ආසාදිතයෙකු ඊයේ(21) දිනයේ දී මෙරටින් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.  ශ‍්‍රි ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2730කි. ඉන් 2048 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. කොරෝනා වසංගතය මුළුමනින්ම පාලනය කරන තුරු ජනතාව සෞඛ්‍ය නිර්දේශ පිලිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

තැපැල් ජන්දයට තවත් අමතර දින දෙකක්

2020 මහ මැතිවරණයේ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරිම සදහා තවත් අමතර දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. ඒ පසුගිය දින දෙකේ දිස්ති‍්‍රක්  මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයන් වෙනුවෙන්. ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට තැපැල් ජන්දය සලකුණු කළ හැකි බවයි කොමිසම පවසන්නේ. ඊට Read More

2020 මුල් කාර්තුවේ දී රැකියා විරහිත පිරිස හාරලක්ෂ අසූදහස ඉක්මවයි

2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ. 2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ Read More

අපනයන කර්මාන්තය හා සේවකයින්ගේ රැකියා ආරක්ෂා කර දෙන බවට ප්‍රකාශයක්

අපනයන ව්‍යාපාර අමතක කරමින් පුරා මාස නවයක් රට පාලනය කළ වත්මන් ආණ්ඩුව එහි සේවකයන් අසරණ තත්වයකට පත්කර තිඛෙන බවත් එක්සත් ජාතික පක්ෂ ආණඩුවක් යටතේ අපනයන කර්මාන්තය හා සේවකයින්ගේ රැකියා ආරක්ෂා කර දෙන බවත් එ.ජා.ප. නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජන හමුවකදි පැවසිය.   කොරෝනා මර්ධනය කර ගෙදර ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩ Read More

කොරෝනාවට බ්‍රිතාන්‍යයෙන් අලුත් ප්‍රතිකාරයක්

කොවිඩ්-19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ. මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ප්‍රතිකාරයේදී යොදා ගැනෙන්නේ එක්තරා ප්‍රෝටීනයකි. ඉන්ටෆෙරෝන් බීටා (interferon beta) නමින් හැඳින්වෙන මෙම ප්‍රෝටීනය ශරීරයෙහි වයිරස ආසාදනයක් ඇති වූ විට සාමාන්‍යයෙන් සිරුර තුළ නිපදවෙන ප්‍රෝටීනයක් බැව් සඳහන් වේ. Read More

වත්මන් දේශපාලන කරලියේ රජයන ‘වශී බෝලයේ’ ඇත්ත කථාව

මිනිසා තිරිසනා ගෙන් වෙන් කෙරෙන ප්‍රධානතම කඩ ඉම් අතරට ඇඳුම්-පැළඳුම් අයත් වෙයි. ‘පැළඳුම්’ යනුවෙන් අදහස් කරනුයේ ඇඳුම් ඇඳීමෙන් පසුව ඒවාට හෝ සිය සිරුරට සෘජුවම සම්බන්ධ කර ගනු ලබන ද්විතීයික උපකරණ විශේෂයකි. විලි වසා ගැනීම, ශරීරය අලංකාරවත් කරගැනීම, උණුසුම ආරක්ෂා කර ගැනීම ආදී ඇඳුම් වලින් සිදුකෙරෙන මූලික අංගවලට අයත් නොවන මෙම ආභරණ යන්න ද සැලකිල්ලට ගත් Read More

ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කිරීමට යයි

කොරෝනා වසංගතයේ නිසා ආදායම අඩු වූ ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි . මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විස්තර කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජගත් වෙළෙඳ ද්‍රවශීල වැඩසටහන හා අවදානම් මූල්‍ය වැඩසටහන ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මගින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන අරමුදල් ශ්‍රී Read More

t

o

p