2020 මුල් කාර්තුවේ දී රැකියා විරහිත පිරිස හාරලක්ෂ අසූදහස ඉක්මවයි

July 21, 2020

2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ.

2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ අනුව වසරක කාලපරිච්ඡේදයක් තුළ දී විරැකියාව 1% කින් ඉහළ ගොස් ඇත.

තවද 2018 පළමු කාර්තුවේ දී 52.6% ක් ලෙසින් වාර්තා වූ ශ්‍රම බලකා දායකත්ව අනුපාතිකය 2020 පළමු කාර්තුව තුළ දී 51% ක් දක්වා අඩු වී තිබේ.

t

o

p