අපනයන කර්මාන්තය හා සේවකයින්ගේ රැකියා ආරක්ෂා කර දෙන බවට ප්‍රකාශයක්

July 21, 2020

අපනයන ව්‍යාපාර අමතක කරමින් පුරා මාස නවයක් රට පාලනය කළ වත්මන් ආණ්ඩුව එහි සේවකයන් අසරණ තත්වයකට පත්කර තිඛෙන බවත් එක්සත් ජාතික පක්ෂ ආණඩුවක් යටතේ අපනයන කර්මාන්තය හා සේවකයින්ගේ රැකියා ආරක්ෂා කර දෙන බවත් එ.ජා.ප. නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජන හමුවකදි පැවසිය.  

කොරෝනා මර්ධනය කර ගෙදර ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩ සටහනක් ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වා ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්, තම පක්ෂය විසින් රට ගොඩනැගිම සදහා එළිදක්වා තිඛෙන එම ප්‍රතිපත්ති ප්‍රකාශය unp.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බවත් සදහන් කළේය.මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එ.ජා.ප. අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා 19 වැනිදා දඹුල්ල සන්නස ශාලාවේ පැවති ජන හමුවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම ජන හමුව අමතරව එදින රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කින්නියා, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශ වල ජනහමු පැවැත්විණි.දඹුල්ලේ පැවති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය. මේ ආණ්ඩුවට ආර්ථික යුද්ධය දිනන්න බැරි බව ගතවූ පාලන කාලය තුළ ඔප්පු කර තිඛෙනවා. 

අපනයන ව්‍යාපාර සියල්ල අහිමි කරමින් මාස නවයක් රට පාලනය කළ ආණ්ඩුව අද වනවිට එම ක්ෂ්ත්‍රයේ සේවකයන් අසරණ තත්ත්වයකට පත්කොට තිඛෙනවා.  ආදායම්  මාර්ග අහිමිව ඔවුන්ට බඩගින්නේ සිය ජිවිකාව ගෙවන්න සිදුව තිඛෙනවා.ලෝකයේ විවිධ රටවල්  තම ආර්ථිකය ගොඩනැගිම සදහා අද යුද්ධයක නිරතව සිටිනවා. 

එලෙස ආර්ථිකය ගොඩගන්න තාක් තම ව්‍යාපාර හා සේවකයන් ආරක්ෂා කර ගන්න එම රට වල් ක්‍රියා කරමින් සිටින බව  කිව යුතුයි.නමුත් ජනතාවගේ විශ්වාසය ලබාගෙන  පැමිණි මේ  රටේ  පාලකයින් අද වනවිට කුමක්ද සිදුකර තිඛෙන්නේ කියා මා විමසා සිටිනවා.  ඕස්ට්‍රේලියානු ආණ්ඩුව එරට සැම පවුලකටම ඩොලර්  3000 බැගින් ලබාදුන්නා.  නමුත් ලංකා ආණ්ඩුව විදුලි බිල, ජල බිල වැඩි කළා.  ජනතාව ගැන හිතන, ජනතාව ගැන දුක් වෙන ජනතාව වෙනුවෙන් දිවිනසා ගන්න ලැස්ති බව කියන ආණ්ඩුව ජනතාව විනාශයට ඇද දැමුවා. 

දැන් තිඛෙන්නේ ජනතාව වෙනුවෙන් දිවිනසා ගන්න නෙවෙයි.  ජනතාවට දිවිනසා ගන්න හැර ආණ්ඩුව ජිවත්වෙන්න උත්සාහ ගන්නවා.ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය  වැනි රට වල් රැකියා ආරක‍ෂා කර ගන්න විවිධ වැඩ සටහන් සකස් කරමින් සිටිනවා.  නමුත් අපේ රටේ  ඒ කිසිවක් නැහැ.  වෙනදා දඹුල්ල නගරය ජනතාව ගෙන් පිරිගොස් ක්‍රියාශීලී  නගරයක් ලෙස පැවතුණා.  නමුත් අද දඹුල්ල නගරය හිස් භූමියක් බවට පත්ව තිඛෙනවා.සංචාරක ව්‍යාපාරය කඩා වැටුනු නිසා මේ  ප්‍රදේශ වල හෝටල් මෙන්ම කඩ සාප්පු ද හිස්වි තිඛෙනවා. 

නමුත් මේවා යළි පනගන්වා සංචාරක ව්‍යාපාරය නගා  සිටුවිමට ආණ්ඩුව කුමක්ද කරන්නේ.  ඇගලුම්  කර්මාන්ත ශාලා පවත්වා ගෙන ගොස් සේවකයින්ගේ රැකියා සුරක‍ෂිත කර දිමට ආණ්ඩුව  ගෙන තිඛෙන පියවර කුමක්ද?  කිසිදු පියවරක් ගෙන නැහැ.  මේ ක්ෂ්ත්‍ර වලින් ආණ්ඩුවට මුදල් ලැබුණා.  මේ නිසා රට ඉදිරියට ගෙන ගියා. 

තමුත් අද ඒ සියල්ල විනාශ විමට ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා.1977 බලයට පැමිණි ජේ.ආර්.  ජයවර්ධන  ජනාධිපතිතුමාගේ පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයේ අපි ඇඇගලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳ කලාප, ඉඳිකරමින් මේ ප්‍රදේශ දියුණු කළා.  කණ්ඩලම හෝටලය ඉඳිකිරීමේ දි විශාල සටනක් කිරිමට එදා අපට  සිදුවුණා.  නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ආ පස්සට හැරුනේ නැහැ. 

නොබියව එම කටයුත්තට අත ගැසුවා.  එදා කණ්ඩලම හෝටලය මේ  ප්‍රදේශයේ ඉඳි නොවුණා නම් විශාල පිරිසකගේ  ජීවන උපායන් අහිමි විමට ඉඩ තිබුණා. නමුත් අභියෝග හමුවේ නොසැලි අපි එදා ගත් පියවර නිසා අද ලක‍ෂ ගණනක් සිය ජීවන උපායන් බවට පත්කර ගෙන තිඛෙනවා.  ත්‍රිවිලර්  රථ හිමියන්, සෆාරි ජීප් හිමියන්, වෙළඳ සැල් හිමියන්, හෝටල් හිමියන් මේ  සියල්ලක්ම සංචාරක ව්‍යාපාරය මුලික කරගෙන දියුණු වුණා.නමුත් අවාසනාවකට මෙන් ආණ්ඩුවට මේ කිසිවක් ආරක‍ෂා කිරීමට හැකි වුණේ නැහැ. 

ඒ සියල්ල විනාශ වී යාමට ඉඩ හැර බලා සිටිනවා.  මෙලෙස අතහැර දමා බලා සිටියොත් ලොව සාමාන්‍ය තත්ත්වයට පත්වන විට මේ  සියල්ල නටඹුන් බවට පත්විය හැකියි.  මේ  ක්ෂ්ත්‍රයේ නියැලි සිටින සේවකයින් රටට සම්පතක්.  ඔවුන්ට විවිධ භාෂා හැකියාවන් තිඛෙනවා.  ඒ නිසා ඒ අය අප ආරක‍ෂා කරගත යුතුයි.කොරෝනා වෛරසය නිසා මෙරට රැකියා වල නියුතු ලක‍ෂ 10 කගේ පමණ රැකියා අහිමි වීමේ අවධානමක් තිඛෙනවා. 

මැද පෙරදිග හා අනෙකුත් රට වල රැකියා වල නියුතු වූවන් ඒ රැකියා අහිමිව පැමිණියත් මේ  සංඛ්‍යාව තවත් වැඩිවිය හැකියි.  රැකියා අහිමි වන මේ අයට මසකට රු.10000 බැගින් එක්සත් ජාතික පක‍ෂ ආණ්ඩුවක් යටතේ ලබාදිමට අප අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා කර තිඛෙනවා.එපමණක් නොවෙයි මෙම ව්‍යාපරය ආරක‍ෂා කර අනාගත වෙළඳ පොළ අල්ලා ගැනිමටත්. සමාගම් වලට මුදලින් ආධාර කිරිමටත් අප සුදානම් බව කිව යුතුයි.  විදේශ රට වලට ලංකාව අමතක විමට ඉඩ හැරිය යුතු නැහැ. 

 විවිධ ක්‍රම උපායන් ඔස්සේ ලංකාව කෙරෙහි පැවති මතකයන් අලුත් වෙන ආකාරයට අප කටයුතු කළ යුතුයි.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ලංකාවේ  තිඛෙන ඇගලුම් කර්මාන්තයට හා දේශීය කර්මාන්ත වලට උදව්  කර රැකියා ලාභීන්ගේ රැකියා ආරක‍ෂා කර දිමට පියවර ගන්නා බව කිව යුතුයි.  රටේ පවතින සමාගමක් වැසී ගියොත් එහි සේවකයන්ට රැකියා අහිමි වුනොත් එය නැවත ආරම්භ කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.  මේ නිසා රටේ ව්‍යාපාර හා ඒවයෙහි සේවය කරන අය ආරක‍ෂා කරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිඛෙනවා.

සංචාරක ව්‍යාපාරය ආරක‍ෂා කර එය දියණු කරන්න නම් කොරෝනා පාලනය කළ යුතුයි.  කොරෝනා පාලනය නොකර එය කළ නොහැකියි. අවාසනාවකට මෙන් ආණ්ඩුව අද වනතෙක් සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකර නැහැ.  ඔබ රැකියා කරන ස්ථානය ගැනවත්, ඔබ ගැනවත් තවම ආණ්ඩුවේ අවධානය යොමුව නැහැ.  රටේ  අනාගතය වෙනුවෙන් මේ දෙකම ආරක‍ෂා කළ යුතුයි.  දැන් යම්  මුදලක් වැය කරනවා නම් එය ඔබේ  අනාගතය වෙනුවෙන් පමණක් නොව අපි හැමෝගේම අනාගතය වෙනුවෙනුයි.

එය මතකේ තබාගෙන මෙය ජාතික සම්පතක් ලෙස ආරක්ෂා කිරිමට එ.ජා.ප. ය කැපවෙන බව කිවයුතුයි.  මේ  සම්බන්ධව තවදුරටත් තොරතුරු දැනගැනිම සදහා unp.lk  වෙබ්  අඩවියේ ඇති අපේ ප්‍රතිපත්ති ක්ෂ්ත්‍රයේප්‍රකාශය කියවන ලෙස මා ඉල්ලා සිටිනවා.කඩාවැටි තිඛෙන මෙරට ආර්ථිකය යළි අප ගොඩනැගිය යුතුයි.  ආර්ථිකයට අලුත් පණක්  ලබාදිය යුතුයි.  එසේ කලොත් ගෙදර ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.  ගෙදර ආර්ථිකය ශක්තිමත් කර ඔබේ  අතට මුදල් ලැබුණොත් ඒ මුදල් ඔබ වියදම් කරනවා. 

එවිට ආර්ථිකයට නව පණක් ලැඛෙනවා.  මුදල් වියදම් නොකරනවා නම්  එවැනි තත්ත්වයකට පත්වෙන්නේ නැහැ.  2015 වසරේ  බලයට පැමිණි අපේ ආණ්ඩුවට මාස දෙකක් ගතවිමට පෙර ඒ ආණ්ඩුවේ  අගමැතිවරයා ලෙස සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළා.  එපමණක් නොවෙයි පුද්ගලික අංශයෙන් වැටුප් වැඩි කළා.  ඒ අනුව ඔවුන් මුදල් වියදමz කළා.  එලෙස වියදමz කළ මුදලින් ආර්ථිකයේ දියුුණුවක් ඇති වුණා.2015 වනවිට මේ රටේ ජනතාව දැඩි පිඩාවන්ට මුහුණ පා සිටියා.  වියදම් කිරිමට මුදල් තිබුණත් ගන්න බඩු තිබුනේ නහැ. 

දැන් නැවතත් අමාරුවෙන් හෝ ජනතාව අතට මුදල් ලැඛෙන වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි.  එසේ නොවුනහොත් ආර්ථිකය ගොඩගත නොහැකියි.නවින තාක්ෂණය යොදා ගනිමින්  කෘෂි කර්මාන්තය  දියණු කිරිම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් අප අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළි දක්වා තිඛෙනවා.  ඒ අනුව දේශීය කෘෂි කර්මාන්තය ජාත්‍යාන්තර හා කළාපිය අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන දියුණු කළ යුතුයි.අපනයන වෙළඳාම දියුණු  කිරිම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් අප ඉදිරිපත් කර තිඛෙනවා. 

2050 වසර වන විට ඉන්දියන් සාගර කළාපීය ආශ්‍රිතව මිලියන 500 කින් ජනගහණය වැඩිවෙනවා. ඒ ජනගහණයට අවශ්‍ය ආහාර සම්පාදනය අපේ කෘෂි කර්මාන්ත වැඩ පිළිවෙලේ දීර්ඝ කාලින ඉලක්කය වි තිඛෙන බව කිවයුතුයි.වි ගොවිතැනෙහි නිෂ්පාදන ඵළදායිතාව, ප්‍රමිතිය, තරගකාරිත්වය, ආරක්ෂා කර ගනිමින් සහල් අපනයනය කරා යොමුවිය යුතුයි.  අස්වනු කල්තබා ගැනිම සදහා දඹුල්ල ප්‍රදේශයේ අප ශීතාගාරයක් ඉඳිකළා.  ඒ වගේ ශීතාගාර රට පුර ඉඳිකිරිමට අපේ අරමුණ බව කිව යුතුයි.කොරෝනා බව කියමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවා.  ජනතාවට තම නිෂ්පාදන අළෙවි කර ගන්න තැනක් නැතිවුණා.

බැරිම තැන මග දෙපස භාණ්ඩ අළෙවි කළා.  අපේ මුලික ප්‍රතිපත්තිය විය යුත්තේ රටේ ජනතාව ජිවත් කරවීමයි.රටේ ආර්ථිකය කළමණාකරනය කරගෙන රට ඉදිරියට ගෙන යාමට මේ ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැහැ.  රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුනොත් තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා.  මේ නිසා මෙය අප ආරක්ෂා කළ යුතුයි. පොහොට්ටුවට ඡන්දය ලබාදී ඒ ගමන යන්න බැහැ.  ඔවුන්ට ඒ සදහා හැකියාවක් නැති බව ගතවූ මාස නවයක කාලය තුළ ඔප්පුකර තිඛෙනවා.කොරෝනා වෛරසය පාලනය කර ගෙදර ආර්ථිකය හැදිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි.

  ඒ සදහා වන වැඩ සටහන ඇතුලත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය unp.lk  වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.  සංචාරක ව්‍යාපාරය, අගලුම් කර්මාන්තය දියුණු කිරිම ඇතුලු රටේ අනෙකුත් ක්ෂ්ත්‍රය ගොඩනැගීම සදහා වන සැලසුම් එහි තිඛෙනවා.  අපේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන ලෙස සියලු ජනතාව ගෙන් මා ඉල්ලා සිටිනවා. අපේ මේ  වැඩ සටහන ක්‍රියාත්මක කිරිම සදහා මුදල් අවශ්‍යයි.  අපට අද විදේශ විනිමය ලැඛෙන්නේ නැහැ.  රටේ විදේශ විනිමය මේ වසරේ  මිලියන 7000 කින් අඩුවි තිඛෙනවා.  රට මුහුණපා ඇති අර්බුද වලින් ගොඩගෙන රට ඉදිරියට ගෙනයෑමට නම් ඩොලර්  මිලියන 6000 ක් අවශ්‍ය වි තිඛෙනවා.

ඒ මුදල් අපට සොයාගත හැකියි.අද වන විට රන් පවුමක මිළ දෙතුන් ගුණයකින් වැඩිවි තිඛෙනවා.  කිසිදු පැත්තකින් ජනතාවට සහනයක් නැහැ. හැම අතින්ම ජනතාව පිඩාවට පත්වෙලා.  මේ පාලනය තවදුරටත් පැවතුනොත් රට මුලුමනින්ම විනාශ වෙනවා.  මේ විනාශයෙන් රට මුදවා ගතයුතුයි. 

එසේ කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.කොරෝනා පාලනය කර ගෙදර ආර්ථිකය ශක්තිමත් කරමින්, සංචාරක ව්‍යාපාරය, ඇගලුම් කර්මාන්ත ආරක්ෂා කරන්න, ඔබේ රැකියා සුරක්ෂිත කරන්න, අලියා ඉදිරියෙන් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්කර ගන්නා ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේය.

t

o

p