කොරෝනාවට බ්‍රිතාන්‍යයෙන් අලුත් ප්‍රතිකාරයක්

July 21, 2020

කොවිඩ්-19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ. මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ප්‍රතිකාරයේදී යොදා ගැනෙන්නේ එක්තරා ප්‍රෝටීනයකි. ඉන්ටෆෙරෝන් බීටා (interferon beta) නමින් හැඳින්වෙන මෙම ප්‍රෝටීනය ශරීරයෙහි වයිරස ආසාදනයක් ඇති වූ විට සාමාන්‍යයෙන් සිරුර තුළ නිපදවෙන ප්‍රෝටීනයක් බැව් සඳහන් වේ.

ඉහත කී ප්‍රතිකාරයේ දී සිදුවන්නේ මෙම ප්‍රෝටීනය පිටතින්ද ලබා දීමයි. එය නෙබියුලයිසරයක් හරහා සෘජුවම රෝගියාගේ පෙණහලුවලට ඇතුළු කරනු ලැබේ.

එමගින් කොරෝනා වයිරසය සමග සටන් කිරීමේ ශක්තියක් රෝගියා තුළ ජනිත වන බැව් පැවසේ.

t

o

p