තැපැල් ජන්දයට තවත් අමතර දින දෙකක්

July 22, 2020

2020 මහ මැතිවරණයේ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරිම සදහා තවත් අමතර දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා.

ඒ පසුගිය දින දෙකේ දිස්ති‍්‍රක්  මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයන් වෙනුවෙන්.

ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට තැපැල් ජන්දය සලකුණු කළ හැකි බවයි කොමිසම පවසන්නේ.

ඊට පසුදින එනම් ලබන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වාද ඒ් සඳහා අවස්ථාව පවතිනවා.

t

o

p