රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතුයි

July 22, 2020

මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.  

වසර ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා සිදුව ඇති විනාශයෙන් අද වන විට ජනතාව විදවමින් සිටින බවද ආණ්ඩුකාරවරිය කීවාය.

ගොවින්ගේ අස්වනු මිලදි ගැනිමේදී ඔවුන්ට එකවර විශාල මුදලක් ලබා දීම වෙනුවට ඔවුන්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම සදහා අස්වනු මිලදි ගැනීමේ දි ලබා දෙන මුදල් ප්‍රමාණය කළමනාකරණය කර ගත හැකි වැඩසටහනක් සකස් කරන්නැයි ආණ්ඩුකාරවරිය මෙහිදී කීවාය.

ගල්ඔය වැවිලි සමාගම මගින් පාලනය වන හිගුරාණ සීනි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

t

o

p