ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කිරීමට යයි

July 20, 2020

කොරෝනා වසංගතයේ නිසා ආදායම අඩු වූ ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .

මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විස්තර කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජගත් වෙළෙඳ ද්‍රවශීල වැඩසටහන හා අවදානම් මූල්‍ය වැඩසටහන ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මගින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන අරමුදල් ශ්‍රී ලංකාවට ලබා ලබා ගැනීමට කටයුතු කරන බවයි .

ආසියානු සංවර්ධන බැංකුවේ කෝවුඩ් 19 සඳහා වන ඇමෙරිකා ඩොලර් බිලියන 20 ක සහනාධාර වැඩසටහන මෙන්ම තවත් එවැනි සමාන්තර වැඩසටහන් ඔස්සේ සහාය ලබා ගැනීමට අමතරව රජය මගින් ද පෞද්ගලික ව්‍යාපාර සඳහා සහාය දැක්වීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පවසයි .

මෙම අරමුදල් සහ වැඩ සැලසුම් මගින් සුලු හා මධ්‍ය ව්‍යවසායන් සහ ස්වයං රැකියා අංශ ශක්තිමත් කරන බවත් ඒ සඳහා මූල්‍ය ආධාර සහ ගනුදෙනු කිරීමට වලංගු දීර්ඝකාලීන රාජ්‍ය බැඳුම්කර එම ව්‍යවසායකයින් වෙත ලබා ලබාදෙන බවත් සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම් සඳහා මෙමගින් සහාය ලබාගත හැකි බව ද කියයි.

අංජුල මහික වීරරත්න

t

o

p