රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක එ.ජා.ප ප්‍රතිපත්ති ප්‍රකාශයට

July 20, 2020

රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩගන්නා මාර්ගය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්නායකයන් ඇතුලත් ගැසට් පත්‍රය පසුගිය ජුනි මාසයේදි නිකුත් කිරීමට හැකියාව තිබියදි එය මෙපමණ කාලයක් ප්‍රමාද කිරිමට හේතු වූයේ කවරක් දැයි සෞඛ්‍ය ඇමතිනිය වහා රටට ප්‍රකාශ කළ යුතු බව වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හාරිස්පත්තුව, අනුරාධපුර, එප්පාවල, පොලොන්නරුව සහ මින්නේරිය යන ප්‍රදේශ වල පැවති ජනහමු වලට සහභාගි වෙමිනි.

අනුරාධපුර රැස්විම් වලට සහභාගි විම සදහා එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලිසැය වන්දනා කර ගනිමින් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉහත ජනහමු අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කිය.

අද මේ රටේ ප්‍රධාන තම ප්‍රශ්න දෙක බවට කොරෝනා වෛරසය සහ ආර්ථික අර්බුදය පත්වා තිබෙනවා. මෙම ප්‍රශ්න දෙක සහ රට මුහුණ පා සිටින අනෙකුත් අර්බුද වලින් රට ගොඩගන්නා මාර්ගය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙනවා. එය මබචගකන වෙබ් අඩවියේ පළකොට තිබෙනවා.

Unp.lk වෙබ් අඩවියේ තිබෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාගෙන කියවන ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලු අපේක්ෂක මහතුන්, පළාත් පාලන ආයතන වල මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් මෙන්ම ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය වෙබ් අඩවියෙන් ලබාගැනීමට පාක්ෂිකයන්ට අපහසු නම් ඒ සදහා ඔවුන්ට උදව් කරන ලෙසද මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් නිවේදනය මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රකාශ කළා. මෙම ගැසට් එකට අදාල යෝජනා සකස් කළේ පසුගිය ජුනි මාසයේදියි. මෙතෙක් එය මුද්‍රණය නොකොට පොල් ගෑවද….? එහෙමත් නැත්නම් මෙතෙක් මනාප සොයමින් සිටියද කියා මා ඇමතිතුමිය ගෙන් විමසා සිටිනවා.

මැතිවරණය පිළිබඳ සෞඛ්‍ය උපදේශන ඇතුලත් ගැසට් පත්‍රය ජුනි මාසයේදි නිකුත් කිරිමට හැකියාව තිබුණා. එසේ නොකොට මෙතෙක් බලා සිටියේ මන්දැයි ඇමතිතුමිය රටට හෙළිකළ යුතුයි. ඇය මෙහි සත්‍ය තත්ත්වය ප්‍රකාශ කරන්නේ නැති නම් ඒ ගැන අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ආණ්ඩුව ඒ සදහා පිළිතුරු ලබාදිය යුතුයි.

මේ වනවිට පි.සී.ආර්. පරික්ෂණ එක් ලක්ෂ තිස් දෙදහස් හාරසිය අනු හයක් සිදු කර තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ගතවූ මාස කිහිපය තුල මෙපමණ ප්‍රමාණයක් ද කරන්න හැකිවුණේ කියා විමසීමට මට සිදු වෙනවා. මා පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් එය විමසා සිටිනවා. අප ප්‍රකාශ කළ පරිදි දිනකට පි.සී.ආර්. පරික්ෂණ 5000 බැගින් සිදු කළා නම් මේ වනවිට ලක්ෂ පහ ඉක්මවීමට තිබුණා.

ශ්‍රී ලංකාවට වඩා දුප්පත් තත්ත්වයේ පසුවන නේපාලය පි.සී.ආර්. පරික්ෂණ හය ලක්ෂ දාහසය දහස් දෙසිය දෙකක් සිදු කර තිබෙනවා. උගන්ඩාව දෙලක්ෂ තුන්දහස් පන්සිය දහ තුනක් සිදුකර තිබෙනවා. ලංකාවට එතැනට ලඟාවීමටවත් හැකි වී නැහැ.

සෞඛ්‍ය නිර්නායක ඇතුලත් ගැසට් පත්‍රය තවමත් නිකුත් නොකිරීම හා ඊට අදාල කරුණු කිහිපයක් මුල් කරගෙන මහජන සෞඛ්‍ය පරික්ෂක වරු (ඡ්‍යෂ) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි පසුබිමක කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන්නේ කෙසේද ?

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපට සැලැස්මක් හා වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒ ගැන ඔබට කෙටියෙන් කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. අපේ ඒ සැලසුමට අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ දිනකට අවම වශයෙන් පි.සී.ආර්. පරික්ෂණ පන්දහසක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පාසල් හා උසස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් මුඛ ආවරණ මිලියන දහයක් නොමිළේ ලබා දෙනවා. ලංකාවේ ප්‍රමුඛ සමාගම් කිහිපයක් විසින් මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කරනවා.

කොරෝනා වැළඳුන පසු වෙන්ටිලේටර් යන්ත්‍ර නොතිබුණා නම් රෝගීන් මිය යනවා. බ්‍රිතාන්‍යයට වෙන්ටිලේටර් යන්ත්‍ර ප්‍රමාණවත්ව නොතිබුණ නිසා කොරෝනා වැළඳුන විශාල පිරිසක් මිය ගියා. මේ අනුව අපි වෙන්ටිලේටර් යන්ත්‍ර දෙදහසක් ලබා දෙනවා. පී.පී.ඊ. ඇඳුම් කට්ටල පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක් ඇති කරනවා. එපමණක් නොවෙයි දැඩි සත්කාර ඒකක වල දැනට තිබෙන ඇඳන් සංඛ්‍යාව තවත් වැඩි කිරිමට අප සැලසුම් කර තිබෙනවා.

කොරෝනාවට මුහුණ දි ඊට විසඳුම් සොයන ගමන් අනෙකුත් රෝග පිළිබඳව ද අපේ අවධානය යොමු කළ යුතුයි. කොරෝනා වලින් පසු ඩෙංගු පැමිණිය හැකියි. ඊටද මුහුණ දී ජනතාව ආරක්ෂා කර ගැනිමට අප සුදානම් විය යුතුයි. චිනය වැනි රට වල කොරෝනා වලින් පසු වෙනත් මාරාන්තික රෝග පැතිර තිබෙනවා.
මේ ආකාරයට එක් වසංගතයකින් පසු තවත් වසංගතයක් පැමිණිය හැකියි. විසාලා මහනුවරත් එදා එවැනිම තත්ත්වයක් සිදුවූ බව සිහිපත් කළ යුතුයි. මේ ඕනෑම තත්ත්වයකට මුහුණදිමට අප සූදානම් විය යුතුයි.

පසුගිය ආණ්ඩුව යටතේ සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරිමට මට අවස්ථාව උදාවුනා. මගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු අගමැති නරේන්ඳ්‍ර මෝදි මහතා ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කර සුවසැරිය ගිලන් රථ සේවය අපට ලබාදිමට තීරණය කළා. ඒ පිළිබඳව නරේන්ඳ්‍ර මෝදි මැතිතුමා ට අපේ ස්තූතිය පළ කළ යුතුයි.

සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර ආරම්භ කිරිමට මේ වනවිටත් අප සැලසුම් කොට තිබෙනවා. මෙරට මාර්ග වල පවතින වාහන තදබදය නිසා ගිලන් රථය රෝගියා සිටින තැනට පැමිණීමට කල් යනවා නම් වෛද්‍ය සහායක වරයෙකු ස්කූටරයකින් හෝ පාපැදියකින් රෝගියා සිටින තැනට යැවීමේ වැඩ පිළිවෙලක් අප සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම රිය අනතුරක්, දුම්රිය අනතුරක් හෝ වෙනත් ඕනැම හදිසි අවස්ථාවකදි ශල්‍ය කර්මයක් සිදුකිරිමට අවශ්‍ය නම් හෙලිකොප්ටරයක්, ශල්‍යාගාරයක් බවට පත්කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එම හෙලිකොප්ටරයෙන් අදාල අනතුර සිදුවූ ස්ථානයට වෛද්‍යවරු සමග ගොස් රෝගින්ට ප්‍රතිකාර මේ ක්‍රමවේදයක් අප ඇති කිරිමට අප සැලසුම් කර තිබෙනවා.

t

o

p