Sports

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරගයක් ඉතිරිව තිබියදීම සංචාරක ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ, අද පැවැති දෙවැනි තරගය ලකුණු 155කින් ජය ගනිමිනි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 Read More

පැතුම් නිශ්ශංකගේ පිත්තෙන් එක්දින ද්විත්ව ශතකයක්

එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවාගේ වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා වන්නට පැතුම් නිශ්ශංක අද සමත් විය. ඒ ඇෆ්ගනිස්තානය සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි. ඇෆ්ගන් පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ පැතුම් නිශ්ශංක අද පන්දු 139 දී 4 පහර 20ක් සහ 6 Read More

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට

ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ශූරයන් වුනේ අවසාන මහා තරගයේදී විශේෂ කාර්ය බලකාය පරදවමින්. මීට අමතරව තවත් ශූරතාවක් හා අනුශූරතාවක් දිනා ගනිමින් මේ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම්වලට හැකිවිය. තරගාවලිය පැවැත්වුනේ A,B,C,D,E,F,G,H යන ඛාණ්ඩ යටතේ. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගත්තේ A ඛාණ්ඩයේ අවසාන තරගයේදී විශේෂ කාර්ය Read More

ලෙඩ් විදුලි ආලෝක පද්ධතියකින් සැරසෙන පළමු ලාංකේය ක්‍රීඩාංගණය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා අද (05) දිනයේ එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරයි.නවීකරණය කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ලෙඩ් විදුලි ආලෝක පද්ධතියකින් සැරසෙන පළමු ලාංකේය ක්‍රීඩාංගණය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එකතු කරයි.එසේම පිහිණුම් තටාග පහසුකම් ද,ජල චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍යය පහසුකම් සහිත ක්‍රීඩා අනතුරු සඳහා Read More

අයිසීසී මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම වසරේ ජූලි 19 සිට 22 වන දා දක්වා ICC මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙය ක්‍රිකට් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට Read More

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි කිරුළු දරයි

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම්කර තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්. පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙයි. ඒ අනුව 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස් කර ගැනීමට ඇය සමත් වී තිබේ.

T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ දෙරට අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති අවසන් තරගය ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය ගැනීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17කගේ සංචිතයක් නම්කර තිබේ. එහි මූලික සංචිතය පසුගියදා නම්කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් විය. එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී Read More

ධනංජය – කුසල්- වනිඳු නායක වගකීම් වලට

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ Read More

ක්‍රීඩා ඇමතිගෙන් ගැසට් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයේ සඳහන්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවය. ඒ අනුව බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇත.

t

o

p