ඔලිම්පික් උළෙලේ පළමු දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

July 28, 2024

ඊයේ ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (27) දිනයේ දී ඕස්ට්‍රේලියා රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් සමඟ සමස්ත පදක්කම් 05ක් දිනාගන්නා ලදි. ඊයේ දිනයේ දී රන් පදක්කම් 02ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගෙන චීනය දෙවන ස්ථානයේ රැඳී සිටියි.

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු ශ්‍රී ලංකා නියෝජනය අද දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

ඒ, අනුව බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මෙරට වේලාවෙන් අද (28) පස්වරු 1.40ට ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියට පිවිසීමට සූදානමින් සිටියි.

t

o

p