ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

August 12, 2024

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කරනලදි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

t

o

p