වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්

August 7, 2024

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 138ක්.

ශ්‍රී ලංකාව ඉන්දීයාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගනු ලැබුවේ වසර 27කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට ඉන්දීයාවට එරෙහි එක්දින තරගාවලියක් ‌ජය ගෙන තිබුණේ, 1997 වසරේ දීයි.

t

o

p