අමාත්‍ය ධුරයක් ජනපති යටතට පවරාගනිමින් ගැසට් නිවේදනයක්

August 8, 2024

අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ නියම පරිදියි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

ඒ අනුවයි, මෙම අමාත්‍යධුරය තමා යටතට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

t

o

p