අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ රැස්වීමක්

August 18, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 20 වැනිදා රැස්වීමට නියමිතව ඇත.

ඒ, මෙම වසරේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසාලන තරගාවලිය පවත්වන රට සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

ලබන ඔක්තෝබර් මස තුන්වෙනිදා මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මේ වනවිට එරට තුළ ඇති ව තිබන ආණ්ඩු විරෝධී විරෝධතා හේතුවෙන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ.

t

o

p