වැඩිම වර්ෂාපතනය කෑගල්ලට

August 18, 2024

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතියි.

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 148.5 ක් බවයි කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.

මේ අතර කළු ගඟේ අතුගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළු ගඟේ තවත් අතු ගඟක් වන මගුරු ගඟේ ජල මට්ටම ද මගුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි.

t

o

p