රුපියල 8.4%කින් වර්ධනය වෙයි

August 18, 2024

මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.

අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි.

ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328යි දශම 3ක් ලෙස සටහන්වී තිබේ.

t

o

p