ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම ඔලිම්පික් තරගාවලිය සදහා ප්‍රංශයට

July 25, 2024

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා ඊයේ (24 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මළළ ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

t

o

p