මීළග පොලිස්පති ධුරයට නම් 03ක්

July 25, 2024

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතයි.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියකු වැඩ බැලීම සඳහා පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා.

t

o

p